ක්‍රීඩා සමාජ පාපන්දු ලෝක කුසලානය නැවතත් රියල් මැඩ්රිඩ් ට


මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලානය (club World cup) තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණඩායම සමත් විය. ඒ අවසන් මහා  තරගයේදී පෘතුගාලයේ ග්‍රෙමියෝ පරදා ගෝල 1-0 ක ජයක් හිමි කර ගනිමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අබුඩාබි හිදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය කිසිදු කණ්ඩායමක් ගෝල නොලබාම අවසන් විය. නමුත් දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී ක්‍රියාතාමක වූ රියල් කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිදහස් පහරද් (Free Kick) ආධාරයෙන් ගෝලයක් වාර්තා කර දීමට සමත් විය.

මෙය රියල් මැඩ්රිඩ් විසින් මෙම කණ්ඩායම් ලෝක කුසලානය දිනූ තෙවැනි අවස්ථාව වූ අතර අඛණ්ඩව දිනා ගත් දෙවැනි අවස්ථාවද වේ.

1513448436203_lc_galleryImage_Real_Madrid_s_Cristiano_R Gremio-v-Real-Madrid-Final-FIFA-Club-World-Cup-UAE-2017 47642E0400000578-0-image-a-2_1513452194612 385 5a3569d326f67



Recommended Articles