ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරය බුවනෙක හේරත් මහතාට


ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බුවනෙක හේරත් මහතා පසුගියදා වැඩ භාරගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 20කට වැඩි අත්දැකීම්ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 10ක අත්දැකීම්ද ඔහු සතුය.

බුවනෙක හේරත් මහතා මින් පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන හා ගිණුම්) ධුරයෙහි කටයුතු කළේය.

පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබා ඇති නව අධ්‍යක්ෂ ජනරාල්වරයා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මින් පෙර අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙඹවූ සමන් බණ්ඩාර මහතා මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ.

BUWANEKA-HERATH



Recommended Articles