ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීමෙන් සමබරතාව ගිලිහී ගියා - මැතිව්ස්


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අතරතුරදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ සමබරතාව ගිලිහී ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය. ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ (27දා) පැවැත් වූ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේදී තෙම මේ බව කියා සිටියේය.   

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ පවසා සිටයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ පිතිකරණය ඉතා හොඳ මට්ටමක පැවති බවත්, පන්දු රැකිම හා පන්දු යැවීම අවසන් තරග කිහිපයේදී වඩාත් දියුණු වූ බවත්ය.  

ලෝක කුසලානයට නම් කල සංචිතය තෝරා ගත්තේ තම හෘද සාක්ෂීයට එකඟවද යැයි මාධ්‍යෙව්දීයෙකු ඇසූ පැණයකට පිළතුරු දුන් ශ්‍රී ලාකා තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසුරිය මහතා ප්‍රකාශ කලේ, ලෝක කුසලානයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත්තේ හෘද සාක්ෂියට එකඟව බවත් ඒ සඳහා වඩාත්ම සුදුසු යැයි සිතූ කණ්ඩායම නායකයා හා පුහුණුකරුවන් සමග සාකච්ඡා කොට නම් කළ බවත්ය.  

ලෝක කුසලානයෙන් පසු ඉදිරි තරගාවලි සඳහා සැලසුම් කෙබඳුද යැයි මෙහිදි මාධ්‍යෙව්දියෙකු විමසූ පැණයක‍ට පිලිතුරු සැපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු මාවන් අතපත්තු මහතා පැවසුවේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහල නැංවීම සදහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා ස්ථාවර විමට යම් කාළයක් ලබා දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 



Recommended Articles