ක්‍රිකට් හිටපු නිලධාරීන් තවමත් වාහන බාරදී නොමැති බවට චෝදනාවක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනයේ සමහර නිලධාරීන්ට කුලී පදනම මත ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන් වාහන තවමත් බාරදී නොමැති බවට චෝදනාවක් එහි සේවය කරන සේවකයන්ගෙන්ම එල්ල වී තිබේ.

මෙලෙස වාහන ලබාගත් සමහර නිලධාරීන් ඊයේ (04දා) දිනයේත් ක්‍රිකට් ආයතනයට අයත් වෑන් රථ පාවිච්චියට ලබාගෙන ඇතැයිද සමහර නිලධාරීන් තමන්ට ලබාදුන් වාහන මෙතෙක් භාරදී නැතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් හිටපු පරිපාලනයේ මුල්පෙළේ නිලධාරීන් තමන්ට ලබාදුන් මෝටර් රථ මේ වන විටත් ක්‍රිකට් ආයතනයට නැවත ලබාදී ඇති අතර, එක් මුල්පෙළේ නිලධාරියෙකු පමණක් තම වාහනය දිගින් දිගටම භාවිත කරන බව සේවකයෝ චෝදනා කරති.

එමෙන්ම ක්‍රිකට් ආයතනයට කුලී පදනම මත ලබාගත් වෑන් රථ 04ක් හිටපු නිලධාරීහු තවමත් භාවිත කරන අතර, මේ පිළිබඳව විමසීමට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාව කිහිපවරක්ම සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය.

4e13e65273bacc9935181aa4c26673a2_XL



Recommended Articles