ක්‍රිකට් නිලවරණය කල් යයි පාලනයට අතුරු කමිටුවක්?


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයකින් තොරව කල් දමා ඇතැයි වාර්තා වෙයි. නිලවරණය සඳහා වූ නාමයෝජනා බාර දීම අද දින අවසන් වීමට නියමිතව තිබූ අතර නිලවරණය මෙහෙයවීම සඳහා පත්කළ නිලවරණ කමිටුවට එරෙහිව විරෝධතාවක් විභාග කිරිමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිලවරණයේ නීත්‍යානුකූලව බව ක්‍රිඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත. එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ නිලවරණ කමිටුව නීත්‍යානුකූල නොවන බවයි.

ක්‍රිකට් නිලවරණය මැයි 19 දා පැවැත්වීමට නියමිතව තිබුණි. වත්මන් පාලනයේ ධුර කාලය අවසන්ව ඇති හෙයින් බොහෝ විට අතුරු කමිටුවක් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පත්කරනු ඇතැයි වාර්තා වෙයි.

display

 



Recommended Articles