ක්‍රිකට් දූෂණ හොයන්න FCID පරීක්‍ෂණ අරඹයි


ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ අක්‍රමිකතා පිළිබඳ පරීක්‍ෂණ සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) ඊයේ (19දා) ක්‍රිකට් ආයතනයට පැමිණ මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, ඒ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක (CEO) නිලධාරී තනතුර හොබවන හෙයිනි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙලෙස පරීක්‍ෂණ ආරම්භ කර ඇත්තේ, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී ඇතිවූයේ යැයි කියන මූල්‍යමය අක්‍රමිකතා සඳහාය. කෙසේ වෙතත් අපි මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කරුණු විමසා සිටියද, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.



Recommended Articles