ක්‍රිකට් තේරීම් කමිටුවට හතුරුසිංහත් නම් වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

'අද' පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙන 07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ මහාසභා රැස්වීමේදී හතුරුසිංහ මහතාගේ නම තේරීම් කමිටුවට ඇතුළත් කිරීමට අදාළ අනුමැතිය ලබාදෙනු ඇතැයි සඳහන්ය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන විටදී හතුරුසිංහ මහතා එහි තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කළේය.

Hathuru - Dayasiri



Recommended Articles