ක්‍රිකට් ගොඩනගන්න සංගට මහේලට මුරලිට අරවින්දට හා රොෂාන්ට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා සිටියි. ඒ අනුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රීඩකයන්ට මෙසේ උපදේශක මණ්ඩලයට ඉදිරිපත් වෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

“නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය උපදෙස් දුන්නා. නිලවරණය පැවැත්වීමට පෙර ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරිමට සිදුවෙනවා.

ඒ හේතු මත ක්‍රිකට් ආයතනය මගෙන් ඉල්ලීමක් කළා සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන් යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහාය ලබාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කියා.

ඒ නිසා මේ උදවියගේ සහාය රට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් (ලබාදෙන්නැයි) මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී අපිට සහයෝගය දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ මට්මකට යෑමට (ඉහළ මට්ටමකට ගෙන ඒමට) ඒ අයගේ සහාය අපට ලැබෙයි කියලා විශ්වාසය මට තිබෙනවා. ”

Faiszer-Musthapha-640x400



Recommended Articles