ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාද හදන්න ඔස්ට්‍රේලියා පිහිනුම් ක්‍රීඩකයෙක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාදවල ආබාධ වළක්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු හිටපු පිහිනුම් ක්‍රීඩකයෙකු මෙන්ම පාද ක්‍රියාකිරීමේ විශේෂඥයෙකු (Podia Trist) වන නිකලස් ස්ප්‍රෙන්ජර් මහතාගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙහිදී විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් පන්දු යැවීමේදී හා ක්‍රීඩා කිරීමේදී නිවැරදිව පාද තැබීම හා චලනය කිරීම මෙන්ම ආබාධ අවම කරගෙන ක්‍රීඩා කරන්නේ කෙසේද යන්න විශේෂඥ උපදෙස් ස්ප්‍රෙන්ජර් මහතාගෙන් ක්‍රීඩකයන්ට ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 30-35ත් අතර ප්‍රමාණයකගේ පාදවලට විශේෂඥ සේවය ඔවුන්ට නිවැරදිව පාද චලනය කළ යුතු ආකාරය හා ප්‍රතිකාර ලබාදීමද ස්ප්‍රෙන්ජර් මහතා යටතේ සිදුවන අතර, මීට පෙරද ඔහුගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාගෙන තිබිණි.

මෙවර ඔහුගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාගෙන ඇත්තේ දීර්ඝ කාලීන ආයෝජනයක් වශයෙන් වන අතර, තරුණ ක්‍රීඩකයන්ටද ඔහුගේ විශේෂඥ උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ මාධ්‍ය හමුවක් අද (26දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ල ද සිල්වා, නිකලස් ස්ප්‍රෙන්ජර්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දක්ෂතා කළමනාකරු සයිමන් විලිස් හා ක්‍රීඩක දක්‍ෂතා හා පුනරුත්ථාපන කළමනාකරු නිර්මලන් තණබාලසිංහම් යන මහත්වරු එක්ව සිටියහ.

DSC_7091 DSC_7094 DSC_7107 DSC_7111 DSC_7119

ඡායාරූප - ශමීර රාජපක්ෂ



Recommended Articles