ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ඉහළ දමයි


ඉදිරියේදි පැවැත්වීමට නියමිත දේශීය ප්‍රිමියර් තරගාවලියේදී හා කලාපීය තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් කරනු ලබන ගෙවීම් වැඩි කිරීමට ක්‍රිකට් අතුරු කමිටුව තීරණ්‍ය තර තිබේ.

මෙම නව ගෙවිම් යටතේ ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රීඩකයන්ට වසරකට රුපියල් මිලියක් දක්වා මුදලක් ඉපයීමට අවස්ථාව තිබෙන බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ක්‍රිකට් ක්‍රිඩකයන්ට දීමනා වැඩිකර ඇති අයුරු 

ප්‍රිමියර් එක්දින තරගාවලිය - දිනකට රුපියල් 7,500

ප්‍රිමියර් තෙදින තරගාවලිය - දිනකට රුපියල් 7,500

ප්‍රිමියර් විස්සයි20 තරගාවලිය - දිනකට රුපියල් 7,500

කලාපීය එක්දින තරගාවලිය - දිනකට රුපියල් 25,000

කලාපීය සිවුදින තරගාවලිය - දිනකට රුපියල් 20,000

කලාපීය විස්සයි20 තරගාවලිය - දිනකට රුපියල් 15,000

 



Recommended Articles