ක්‍රිකට් කණ්ඩායමෙන් අමරදේවයන්ට හරසර


සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06දා) හරාරේ පිටියේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අභාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයන් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේ කලු පටි පැළද ක්‍රිඩා කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 

 



Recommended Articles