ක්‍රිකට් නිලවරණයේ ඡන්ද අඩුකරනවා- නැත්නම් විසුරුවනවා


ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමට තිබෙන ඡන්ද සංඛ්‍යාව 75 දක්වා අඩුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (06දා) පැවැසීය.

මේ වනවිට එම ඡන්ද සංඛ්‍යාව 145ක් පැවතීම හේතුවෙන් ක්‍රීඩා සමාජ යම් පිරිසකගේ ග්‍රහණයට ලක්ව තිබෙන බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අර්බුද මේ හරහා නිර්මාණය වී තිබෙන බවත් පැවසූ ඇමතිවරයා ඡන්ද ප්‍රමාණය අඩුකිරීමට තමාට අවස්ථාව ලබා නොදුනහොත් දැනට පවතින ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවාහරින බවද කියා සිටියේය.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

dayasiri



Recommended Articles