ක්ලෙව්ලන්ඩ් හා ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් නැවතත් ඇමරිකානු පැසිපන්දු සටනේ


ඇමරිකානු එන්.බී.ඒ පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ක්ලෙව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ නැගෙනහිර කොටසේ පැවති අවසන් තරගයෙන් බොස්ටන් සෙල්ටික් පරදා තරග අදියර 4-1 ක ජයක් හිමි කර ගනිමිනි.

මේ සමගින් මෙවරද තරගාවලියේ අවසන් මහා තරගය ක්ලෙව්ලන්ඩ් කැවලියර්ස් හා  ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් අතර පැවැත්වෙන අතර මෙම කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහා තරගයේදී පිට පිට හමුවන තෙවැනිඅවස්ථාව මෙය වනු ඇත.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ජූනි පළමු වැනිදා සිට 18 වැනිදා දක්වා අදියර 7 ක් යටතේ පැවැත්වෙනු ඇත. 

 



Recommended Articles