ක්ලිෆර්ඩ් කුසලානයේදී යුනිචෙලා හා ස්ලිම්ලයින් දස්කම් දක්වති


සමස්ථ පිරිමි ශූරතාව ස්ලිම්ලයින් ඒ කණ්ඩායමටත් කාන්තා ශූරතාව යුනිචෙලා කණ්ඩයමටත් හිමිකර දෙමින් 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්‍රීඩාගාරයේදී ඊයේ (09) නිමාවට පත් විය.

පිරිමි අංශයේ අනුශූරතාව යුද හමුදා ක්‍රීඩා සමාජය  හිමිකර ගනිද්දී තෙවැනි ස්ථානය නාවික හමුදාව දිනා ගත්තේය.

මේ අතර කාන්තා අංශයේ අනුශූරතාව යුනිචෙලා විසින් හිමිකර ගත් අතර තෙවැනි ස්ථානය ගුවන් හමුදාව විසින් දිනා ගත්තේය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් දිනිඳු සපරමාදු දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවක් වූයේ අනූෂා කොඩිතුවක්කුය.

තරගාවලිය පුරා දින 5 ක් (5-9) පුරාවට රාජකීය විදුහල් බොක්සිං ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

IMG_5516 IMG_5519 IMG_5547 IMG_5559 IMG_5600 IMG_5612 IMG_5703 IMG_5722 IMG_5726 IMG_5729 IMG_5787 IMG_5791

දක්ෂතම ක්‍රීඩිකාව වූ අනූෂා කොඩිතුවක්කු

IMG_5795

දක්ෂතම ක්‍රීඩකයා වූ දිනිඳු සපරමාදු

 

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles