ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් තරග අද


ශ්‍රී ලංකාවේ ප්‍රධානම බොක්සිං තරගාවලියක් වන ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් මහා තරග අද (09) සවස කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං පිටියේදී පැවැත්වීමට නියමිතය. පිරිමි හා කාන්තා බර පංති 10 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වෙනුවෙන් තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (08) රාජකීය විදුහල් බොක්සිං පිටියේදී පැවති අතර වසර කිහිපයකක් බොක් සිං ක්ෂේත්‍රෙයන් ඈතවී සිටි මෙරටින් බිහිවූ සුපිරි බොක්සිං ක්‍රීඩිකාවක් වන අනූෂා කොඩිතුවක්කුද මෙවර තරගාවලියේදී නැවති බොක්සිං වළල්ලට පැමිණ තරග වදිනු මෙහිදී දැකගත හැකිවිය. මෙහිදී ඇය ඊයේ සිය ඉසව්ව වූ කාන්තා කි.ග්‍රෑ 48 බර පන්තිය වෙනුවෙන් පැවති තරගය ජය ගැනීමට සමත්වූවාය.

IMG_4861 IMG_4865 IMG_4889 IMG_4890

අනූෂා කොඩිතුවක්කු (රතු) කි.ග්‍රෑ 48 ඉසව්ව වෙනුවෙන් තරග වදිමින්

IMG_4902

IMG_4929 IMG_4950 IMG_4972 IMG_4983 IMG_4995 IMG_5037 IMG_5047

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles