ක්ලිෆර්ඩ් කුසලානයේදී තරගකරුවන් 165ක් බොක්සිං වළල්ලට


ක්ලිෆර්ඩ් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන බොක්සිං තරගාවලිය අද (05දා) කොළඹ රාජකීය විදුහල් බොක්සිං පිටියේදී (රෝයල් මාස් 'ඇරීනා'හිදී) ආරම්භ විය.

මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා සමාජ 16කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 165 දෙනෙක් සහභාගි වෙති. කාන්තා හා පිරිමි දෙයංශයෙන්ම පැවැත්වෙන මෙම තරගාවලිය එළැඹෙන 09 වැනිදා දක්වා රාජකීය බොක්සිං පිටියේදී පැවැත්වේ.

තරගාවලියේ පසුගිය වර සමස්ත ශූරයන් ලෙස 'ස්ලිම්ලයින්' කිරුළු පැලඳුවේ අඛණ්ඩව 05 වැනි වතාවටය. එමෙන්ම එම තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස 'එච්.කේ. කරුණාරත්න අනුස්මරණ කුසලානය'  දිනා ගත්තේ 'ස්ලිම්ලයින්' ක්‍රීඩා සමාජයේ දිනිඳු සපරමාදුය‍. එහිදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 'යුනිචෙලා' ක්‍රීඩා සමාජයේ අනුරාධා ජයසිංහ සම්මාන දිනා ගත්තාය.

IMG_4001 IMG_4003 IMG_4013 IMG_4014 IMG_4016 IMG_4020 IMG_4022 IMG_4029 IMG_4037 IMG_4040 IMG_4042

IMG_4044

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles