කලකිරීම් අමතක කරලා ඉදිරියට යා යුතුයි නැත්නම් අපි හැමදාම එකතැන


 තමන්ට මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නික්ම යන අවස්ථාවේ කලකිරීම් තිබුණු බවත් එහෙත් එම කලකිරීම් හැමවිටම හිස මත තබාගෙන කටයුතු කළොත් ඒක තැන සිටීමට සිදුවන අතර, එම කලකිරීම් අමතක කර ඉදිරියට යන බවද නව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය.

හතුරුසිංහ මහතා මේ බව අනාවරණය කළේ, ඊයේ (20දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී ශ්‍රී ලංකා පුහුනුකාරීත්වය භාරගැනීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ හතුරුසිංහ මහතා,

‘&පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට මට මේ අවස්ථාව ලබාදීම ගැන. මට ඉතාමත් ආඩම්බරයක් මගේ රට පුහුණු කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඒවගේම මම හිතනවා මට හරි කාලයේදී තමයි පුහුණුකාර ධුරය භාරගන්න ලැබෙන්නේ. මෙම තනතුර ලබාදීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාටත්, ක්‍රිකට් පාලක මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා. මට ලැබිල තියෙන හැමදේම අවස්ථාවන් හැටියටයි මම භාරගන්නේ. මට හොඳ අවස්ථාවක් තිබෙනවා ලංකාවට මගේ උපරිමය ලබාදෙන්න. මම මෙම අවස්ථාව අභියෝගයක් විදිහට භාරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම උසස් තත්ත්වයකට ගෙන්න උත්සහ කරනවා* යැයි පැවසීය.

AID_7611 AID_7620 AID_7625 AID_7638 AID_7642 AID_7693 AID_7715 AID_7718 AID_7751 AID_7755 AID_7763 AID_7765 AID_7797 AID_7803

 

ඡායාරූප- ඉසුරු පෙරේරා



Recommended Articles