කණ්ඩායම අතැර යන්න අවශ්‍ය නෑ - තරංග


තමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ වන තීරණය තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත යුතු තීරණයක් බව සීමිත පන්දුවාර නායක උපුල් තරංග සඳහන් කරයි.

ඊයේ (23දා) සාජාහිදී ඔහු මෙම අදහස් දැක්වීය. තමා පරාජයේ වගකීම් බාරගන්නා බවත්, කණ්ඩායම අත්හැර යෑමට අවශ්‍ය නොමැති බවත් ඔහු කීය.

“ඒක තේරීම් කමිටුවේ හා ක්‍රිකට් ආයතනයේ වගකීම. මට කණ්ඩායම අත්හැර යන්න අවශ්‍ය නෑ. කණ්ඩායම ඉදිරියට ගෙනයන්නේ කවුද කියලා ක්‍රිකට් ආයතනය තීරණය කරාවි.

නායකයෙකු ලෙස මේ පරාජයේ විවේචන මම බාරගන්න කැමතියි. නමුත් එහි කොටසක් පිතිකරුවනුත් බාරගත යුතුයි. අපි කණ්ඩායමක් ලෙස ලකුණු රැස්කළ යුතුයි. පිතිකරුවන් තරග දෙකක් හෝ තුනක් අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් හැම තරගයක්ම නෙමෙයි.  අපි හොඳින් කරන්නේ නැතිනම් ඒක අපහසුයි.

අපි එකම වරද කරනවා. තෙවැනි පන්දුවාරය වනවිට අපේ කඩුලු හතරක් දැවී ගොස් අවසන්. එතැන් සිට නැවතත් තරගයට එන්න අවස්ථාවක් නෑ. පසුගිය මාස 15-18ක කාලය තුළ අපි පිතිකරුවන් ලෙස අසාර්ථක වී තිබෙනවා. අපි ගොඩක් සාකච්ඡා කළා. අපි මොකක්ද කළ යුත්තේ කියා විශ්ලේෂණය කරනවා. නමුත් අපි එය පිටිය මැද කරන්නේ නෑ.”

Cricket - Second One Day International Match - Sri Lanka v India



Recommended Articles