ඔස්ට්‍රේලියාව පැරදුවත් අංක එක ඉන්දියාවට


ලෝකයේ අංක එකේ සිටි ටෙස්ට් කණ්ඩායම වූ ඔස්ට්‍රේලි කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම නැවතත් ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව තිබෙනවා.

ශ්‍රී  ලංකාව හමුවේ ඔස්ට්‍රේලියා ලැබූ පරාජය හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු 10ක් අහිමිව තිබෙන අතර ඒ හේතුවන් ඉන්දියාව ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්විය.

තරගාවලිය ආරම්භවීමට පෙරාතුව ලෝකයේ අංක එකේ සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම 3-0ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම හේතුවෙන් ඔවුන් තෙවැනි ස්ථානයට පත්ව අංක දෙකේ සිටි ඉන්දීය කණ්ඩායම නැවතත් ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව තිබේ.

අංක හතේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ පැමිණ ලෝකයේ අංක හයේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව තිබේ.

අගෝස්තු 14දාට පැවැති ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම



ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පසුව ශ්‍රේණිගත කිරිම



Recommended Articles