ඔලිම්පික් සිහිනය වෙනුවෙන් අනාගතය ඉත්තන් කළ චීනය


සිවු වසරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මෙවර ආරම්භ වීමට ඇත්තේ තවත් දින 74 කට නොවැඩි කාලයකි. ක්‍රීඩා උලෙළ සඳහා එක්වන රටවල් අතරින් චීනය කෙරෙහි බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට යොමු වී ඇත්තේ තරග වෙනස් කළ හැකි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් චීන ධජය යටතේ  තරග  වදින බැවිණි.

44907732334fbb4f10008fdbd6d63c30

2008 වර්ෂයේදී තමන් සත්කාරකත්වය දැරූ ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගනිමින් අවසන් කළ චීනය‍, එදා මෙදා තුර ඔලිම්පික් ක්‍රීඩා උලෙළහිදී එක් වරක් හෝ පදක්කම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත් වූ රටවල් අතළොස්සෙන් එකකි. නමුත් සිය ක්‍රීඩා කෞශල්‍යය ලොවට විදහා දැක්වීමට කුළල්කන චීනය, ඒ සඳහා වන වෙහෙසීමද සුළුපටු නොවේ. සිය රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුඩා කාලයේ සිට 'ඔලිම්පික් තරු' බවට පත්කිරීමට ඔවුන්ට ලබා දෙන්නා වූ දැඩි කායික හා මානසික වෙහෙසකර ක්‍රියාමාර්ග පිළිබඳ කලින් කලට කතාබහ වුවත්, දැඩි කොමියුනිස්ට් පාලනයක් සහිත චීනය සිය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම වෙනස්  කිරීමක් පිළිබඳව තවමත් සිතා බලා නොමැත.

chinese-children-gymnast

චීනයේ පවතින මෙම දැඩි ප්‍රතිපත්ති පිළිබඳ ලෝකයාට පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර්ජාලයට යොමු වී තිබුණු අතර, ඒවායින් දැක්වෙන්නේ 'ඔලිම්පික් තරු' බවට පත්කිරීමට කුඩා කාලයේ සිටම චීන දරුවන්ට ලබා දෙන දැඩි පුහුණුවයි.මේ සඳහා සැකසුණු විශේෂිත ක්‍රීඩා පාසල් ගණනාවක් චීනයේ දක්නට ලැබෙන අතර, මේ අතරින් ප්‍රමුඛ පාසලක් වන ෂැංහයි යොවුන් කනිෂ්ඨ පාසලේ වයස අවුරුදු 06 පමණ සිට ඉහළ වයස් මට්ටම් දක්වා සිසුන්ට පුහුණුවක් ලබා දේ.

chinese-girls-straight-bar-hang

කිසිවෙකු විසින් රහසිගතව ඡායාරූපගත කළේ යැයි සැලකිය හැකි මෙහි ඇතැම් ඡායාරූපවල ජිම්නාස්ටික් පුහුණුව වෙනුවෙන් සිය දෑත් මතින් හිට ගෙන හෝ දණ්ඩක එල්ලී සිටින දරුවන්ගේ ඡායාරූප ඇතුළත් අතර,  එහිදී ඇතැමුන් හඬා වැටෙන ආකාරයක් දැකිය හැක්කේ සිය පුහුණුව දරා ගත නොහැකිවය. එමෙන්ම ඇතැම් වැඩිහිටි සිසුන් ආත්මාරක්ෂක ක්‍රීඩාවන්වල නියැළෙන්නේ තම ශරීරාබාධද නොතකමිනි.

chinese-training06

මෙම ඡායාරූපවලින් දැක්වෙන අන්දමට මෙම පුහුණුවීම් කුඩා දරුවෙකුට තබා වැඩිහිටියෙකුටවත් දරා ගත නොහැකි අමානුෂික අන්දමේ යැයි අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට සිතෙතත්, චීනයේ මෙම පාසල් බලධාරීන් පවසන්නේ, මෙම පාසල්වල ලබාදෙන පුහුණුව ඉතා ආකර්ෂණීය බවයි.මෙම පාසල් මගින් ශාරීරික පුහුණුවට අමතරව පොතපත අධ්‍යාපනයද ලබා දෙන නමුත්, ලෝකයේ සාමාන්‍ය දරුවන්ට හිමි සුන්දර ළමා කාලයක් සහිත පාසල් අධ්‍යාපනයක නියැළෙන්නට මෙම සිසුන්ට වරම් නොමැත. ඒ බව පසක් වන්නේ චීනයේ දරුවන් ලොව වෙනත් රටවල දරුවන්ට වඩා දෙගුණයක කාලයක් සිය අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන බව සමීක්ෂණ මගින් හෙළිවීම නිසායි.

OY-AA040A_CHINA_G_20120718170525

1980 වර්ෂයේ පටන් ඔලිම්ලික් තරගාවලිහිදී ඉහළ මට්ටමට පැමිණි චීනයේ මෙම ක්‍රීඩා පාසල් 1990 වර්ෂයේදී කොතරම් ජනප්‍රිය වී තිබුණේද යත් එවකට ක්‍රීඩා පාසල් 3687 ක් රට පුරා ව්‍යාප්ත වී තිබුණු බව ගණන් බලා තිබිණි. කෙසේ වෙතත් ඇතැම් දෙමව්පියන්, සිය දරුවන්ව මෙම දුෂ්කර ක්‍රියාදාමයෙන් ගලවා ගැනීමට තීරණය කිරීමත් සමගින් බොහෝ පාසල් වැසී ගිය අතර, ඇතැම් පාසල්වලට සිය ක්‍රියාදාම වෙනස් අයුරකින් පවත්වා ගැනීමට සිදුවිය. 
2010 වර්ෂයේදී මෙම පාසල්වල තත්ත්වය තවදුරටයත් ඉහළ නංවා ගැනීමට පාසල් සඳහා විශ්‍රාමික මලල ක්‍රීඩකයන්ගේ සේවය ලබාගැනීමට චීනය විසින් පියවර ගත්තද එහි අන්තර්ගත ඉගැන්වීම් අද පවා වෙනස් වී ඇත්තේ සුළු  වශයෙනි.

sp65d8df

කෙසේ වෙතත් මෙම පාසල්වලින් බිහිව ඔලිම්පික් ක්‍රීඩා උලෙළහි ජය කෙහෙළි නැංවූ තරු දැකගත හැකි අතර, හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරයෙකු වන ලියු සිගේද එවැනි අයෙකි. කෙසේ නමුත් මෙහි ඇති අති දුෂ්කර පුහුණුවීම් රටාව ඔහුද තහවුරුකොට ඇත.මෙම ක්‍රීඩා පාසල්වල ජිම්නාස්ටික්, ආත්මාරක්ෂක සටන් ක්‍රීඩාවලට අමතරව මේසපන්දු, වොලිබෝල් හා කඩුහරඹ වැනි ක්‍රීඩාද රාශියක් පුහුණුවීම් සිදු කරයි.

training-children-in-china

ආසියාවේ ආර්ථික බලවතා මෙන්ම, ලෝක ආර්ථිකයේද ප්‍රබලයෙකු වන චීනය ඔලිම්පික් ක්‍රීඩා උලෙළවලදී දක්වන දක්ෂතා මුළුමහත් ආසියාවටම ආඩම්බරයක් වුවද, සිය අභිමතාර්ථ කෙසේ හෝ ඉටු කරගැනීම උදෙසා සිය අනාගත පරපුර ඉත්තන් කරගැනීම කොතෙක් දුරට සාධාරණ දැයි යන්න ගැටලුවකි.

 

ad_206753590children-hang-from-a-bar-during-training-september-23,-2005-in-beijing,-china-_1417678325china_012__tcp_gallery_imagechina_training_olympic_kids_44china-7-500x341China8china-chinese-gymnastics-kids-training-12

131717829_31n


Recommended Articles