ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට රුසියාවට වරම්


මෙවර  ඔලිම්පික් තරගාවලියට සහභාගිවීමට රුසියානු ක්‍රීඩකයන්ට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.)  පියවර ගෙන ඇත. ඒ රුසියානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තහනම් උත්තේජක  ගැටලුව පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙමිනි.

මේ අනුව පිටිය තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයන් හැර අනෙකුත් ක්‍රීඩකයන්ට  එළඹෙන 5 වැනිදා ආරම්භ වන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම තීරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික උත්තේජ මර්දන නියෝජ්‍යායතනය (වාඩා) සිය අප්‍රසාදය පළ කොට ඇත.

 



Recommended Articles