ඔක්තෝබර් මසට කලින් ක්‍රිකට් නිලවරණය තියන්න - ICC


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු  පාලනය අහෝසිකර මේ වසරේ ඔක්තෝබර් මසට කලින් ක්‍රිකට් නිලවරණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්  දී ඇත.

අතුරු කමිටු පාලනයක් ඇතිකිරීම අයි.සී.සී. ව්‍යවස්ථාව කඩකිරීමක් හෙයින් ඔක්තෝබර් මසට කලින් නිලවරණයක්  පවත්වන ලෙස අයි.සී.සීය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙයි.

එසේ නොමැතිවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කරන බවද එම ආයතනය සඳහන් කරයි. 

 



Recommended Articles