එක්දින ශ්‍රේණිගත කිරිමේදී ලංකාවට 6 වැනි තැන


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව එළිදක්වනු ලබන ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායමට හය වැනි ස්ථානය හිමිව තිබේ. ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත්ව ඇති අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිව තිබේ.

මීට අමතරව නවසීලන්තය සිවුවැනි ස්ථානයේත්, එංගලන්ත කණ්ඩායම පස්වැනි ස්ථානයේත් පසුවෙයි. බංග්ලාදේශ කණ්ඩායම හත් වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව ඔවුන් වාර්ෂික ශේණිගත කිරීමේදී පාකිස්තානය (08) හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම (09) අබිබවා ඉදිරියට පැමිණ තිබේ.

10 වැනි ස්ථානයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමත්, 11 වැනි ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායමත්, 12 වැනි ස්ථානයේ අයර්ලනත් කණ්ඩායමත් පසුවෙයි. 

 



Recommended Articles