එක්දින තරගාවලියත් ඉන්දියාව දිනයි


සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැත් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියද 2-1ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඒ ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවැති තෙවැනි හා අවසන් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබාගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 216ක ඉලක්කයක පන්දුවාර 32.1කදී කඩුලු දෙකක් පමණක් දැවි පසුකර යෑමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඔවුන් ලකුණු 219ක් වාර්තා කළ අතර පන්දුවාරයකට ලකුණු 6.8ක වේගයක් පවත්වාාගෙන ගියේය.

ශිකර් දවාන් නොදැවී ලකුණු 100ක් රැස්කළේය.

තරගයේ වීරයා ලෙස කුල්දීප් යාදව් සම්මාන ලබාගත් අතර තරගාවලියේ වීරයා ලෙස ශිකර් දවාන් සම්මාන හිමිකරගත්තේය.

Cricket - India v Sri Lanka 3rd ODI at Vizag



Recommended Articles