එංගලන්ත සංචාරය තිසරට හොඳ අවස්ථාවක්ලු


ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට තමන්ගේ උපරිම ලකුණු අතරට පැමිණීමට සහ තවදුරටත් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ‘ඒ’ කණ්ඩායමේ එංගලන්ත සංචාරය මහඟු අවස්ථාවක් බව අද (22දා) පැවැති මාධ්‍ය හමුවේදී ‘ඒ’ කණ්ඩායම් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ‘ඒ’ කණ්ඩායම් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා, “ ‘ඒ’ කණ්ඩායම් තරග සහභාගි වන ප්‍රමාණය සහ එයින් දක්වන දක්ෂතා මත ජාතික කණ්ඩායමට තේරී පත්වීමට වගේම දිගු කාලයක් තම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවූ ක්‍රීඩකයන්ට නැවතත් තම දක්ෂතා අතරට පැමිණීමට මෙය කදිම අවස්ථාවක් වෙනවා. ඒ මෙම සංචාරය තිසරට මහඟු අවස්ථාවක්” යැයි ප්‍රකාශ කළේය. 

ෂෙහානි දිල්රුක්ෂිකා/ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ

_KSR8353 _KSR8355 _KSR8356 _KSR8357 _KSR8385

_KSR8388 _KSR8396 _KSR8402 _KSR8408 _KSR8411 _KSR8412 _KSR8421



Recommended Articles