එංගලන්ත සංචාරයට ක්‍රිකට් ආයතනයෙන් අමුතු වැඩක්


එළඹෙන එංගලන්ත සංචාරයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ක්‍රීඩා විස්තර විචාරක චන්ද්‍රශාන් පෙරේරා මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයට මෙම වසරේදී සිදුකළ ප්‍රධාන දෙවැනි පත්වීම ලෙස මෙය සැලකේ.මීට පෙර ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයේ උපදේශිකාවක ලෙස චන්ද්‍රශාන් පෙරේරා මහතාගේ බිරිඳ වන රායි රේමන්ඩ් පත්කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් දෙදෙනෙකු වන වජිර දසනායක හා රංජිත් ප්‍රනාන්දු යන දෙදෙනාම සිටියදී මෙලෙස උපදේශක තනතුරට හා සම්බන්ධීකාරක තනතුරට ගෙනඒම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය තුළම බලවත් විරෝධයක් මතුව ඇතැයිද වාර්තා වේ.

 

 



Recommended Articles