දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරනවාද කියා තීරණයක් නෑ


ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තිලකරත්න ඩිල්ෂාන් එක්නොවන බව වාර්තා වෙනවා. පෞද්ගලික හේතු නිසාවෙන් තරගාවලියට එක්නොවන බව ඩිල්ෂාන් සඳහන් කරයි.

"ක්‍රිකට්වලින් දැන්ම සමුගැනීමට අදහසක් නැහැ. ක්‍රිකට්වලින් සමුගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන කතා අසත්‍යයි. නමුත් දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරනවාද කියලා තවම තීරණයක් අරගෙන නැහැ. මම ක්‍රිකට්වලින් සමුගැනීමට අදහස් කළ පසු මම ක්‍රිකට්වලින් සමුගන්නවා කියලා මාධ්‍යයට ස්ථිර වශයෙන් පවසනවා" යැයි ඩිල්ෂාන් වැඩිදුරටත් පවසා සිටියේය.

 



Recommended Articles