එංගලන්තය සමබරයි - අතපත්තු


ඒංගලන්තය සමබර කණ්ඩායමක් බවත්,ඔවුන්ව අඩුවෙන් තක්සේරු කළ නොහැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කරයි.

හෙට (01දා) ආරම්භවිමට නියමිත ශ්‍රී ලංකා හා එංගලන්ත තරගය පළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව නවසීලන්තයේ වෙලින්ටන්හිදී අද (28දා) පැවැසීය.

ඒංගලන්තය මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේදි ජය‍ගෙන ඇත්තේ ස්කොට්ලන්තයට එරෙහි තරගය පමණකි. ඔහුන් ඔස්ට්‍රේලියා හා නවසීලන්තය හමුවේ පරාජයට පත්ව තිබේ.

"ඔවුන්ට හොඳ වේග පන්දු යවන බළඇණියක් ඉන්නවා. එංගලන්තය සමබර කණ්ඩායමක්. හොඳ කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ජයග්‍රහණයක් දක්ෂතා ඉහළ නංවාගැනීමට හොඳ අවස්ථාවක්. පළමු පිතිකරුවන් හත් දෙනා ඇතුළේ ඔවුන්ට හොඳ පිතිකරුවන් ඉන්නවා." යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

 



Recommended Articles