කුසල් ලෝඩ්ස් වලින් පිටියට


සත්කාරක එංගලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (09දා) ආරම්භවූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් පළමුව පන්දුවට පහරදීම තෝරගත්තේය.

තහනම් උත්තේජන චෝදනාවට ලක්ව එයින් නිදහස් වූ කුසල් පෙරේරාද තරගයට කැඳවා තිබේ. කුසල් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ 2015 නොවැම්බර් මාසයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයෙන් පසුවය. 

එංගලන්ත කණ්ඩායම - ඇලෙස්ටියාර් කුක් (නායක), ඇලෙක්ස් හේල්ස්, නික් කොම්ප්ටන්, ජෝ රූට්, ජේම්ස් වින්ස්, ජොනි බෙයාස්ටෝව් (කඩුලු රකින්නා), මොයින් අලි, ක්‍රිස් වෝක්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ස්ටීවන් ෆින්, ජේම්ස් ඇන්ඩර්සන්

ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, කුසල් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, නුවන් ප්‍රදීප්

 



Recommended Articles