එංගලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තවත් වෙනසක්


පන්දු 100 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

මේ අනුව කාන්තා හා පිරිමි කණ්ඩායම් අට බැගින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

එහිදී පළමු පන්දුවාර 15 සුපුරුදු පරිදි පන්දු 6 බැගින් යොමු කර 16 වැනි හා අවසන් පන්දුවාර පන්දු 10ක් සහිතව යොමු කිරීමට මෙහිදී තීරණය කර ඇත.

මෙම තරගාවලිය සවුත්හැම්ප්ටන්, බර්මින්ග්හැම්, ලීඩ්ස්, ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ් හා නොටින්හැම් යන නගර කේන්ද්‍රකර ගත් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය. තරගාවලිය සති 5ක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

අවසන් පන්දුවාරයට පන්දු 10ක් යොමුකිරීමට නියමිත හෙයින් ඒ සඳහා වත්මන් නීතියේ යම් වෙනසක් සිදුකිරීමටද සිදුවෙනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

275240 1766ED5500000514-0-image-a-14_1524142150859



Recommended Articles