උසේන් බෝල්ට් රිදී තිරයට


ලෝකයේ වේගවත්ම මිනිසා වන උසේන් සිනමා නළුවෙකු සිය ආගමනය සනිටුවහන් කළා.  ඒ තම ගමන් මග පිළිබඳව සැකසුණු වාර්තා චිත්‍රපටයක් හරහායි. බෙන් හා ගේබ් ටර්නර් නම් ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් බෝල්ට්ගේ දිවිය අළලා 'I Am Bolt' (මම බෝල්ට්) යනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළ අතර එය ලොව පුරා ප්‍රදර්ශනයද ආරම්භ කළා.

බෝල්ට්ගේ ජීවිතය පිළිබඳව අපූර්ව දිගහැරුමක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරුන් මෙම චිත්‍රපටය හරහා සමත්ව තිබේ. මුලින්ම වෙළද දැන්වීම් වලින් හරහා සිය රංගන හැකියාව පෙන්වූ උසේන් බෝල්ට් දැන් නළුවෙකු ලෙසද සිය හැකියාව තවදුරටත් ඔප නංවා ගැනීමට සමත්ව තිබෙනවා.ඉදිරියට යෑමට බලාපොරොත්තු වන මිනිසුන්ට මේ චිත්‍රපටය උත්ප්‍රේරකයක් වනු ඇති බව බෝල්ට් පවසනවා.

"මට තියෙන්නේ සරල ජීවිතයක්. මට අවශ්‍ය වුණා මා කොයිවගේ මනුස්සයෙක්ද කියලා ජනතාවට පෙන්වන්න. මමත් විනෝද වෙන්න කැමතියි. නමුත් එය ජනතාව දන්නේ නැහැ" යැයි බෝල්ට් සිය සිනමා පටය පිළිබඳව අදහස් දක්වමින් පවසයි.

චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණි බෝල්ට් අතුළු ක්‍රීඩා තරු

3AD4F3B800000578-0-image-a-2_1480358390685 3AD51DB200000578-0-image-a-16_1480358776669 3AD51F2D00000578-3979646-image-a-46_1480359653190 3AD53A2D00000578-3979646-image-m-91_1480361339082 3AD53A3100000578-3979646-image-a-92_1480361343258 3AD53CB600000578-3979646-image-m-82_1480360992343 3AD532A600000578-3979646-image-m-75_1480360735334 3AD532BE00000578-3979646-image-m-79_1480360970893 3AD532DA00000578-3979646-image-m-95_1480361385991 ATHLETICS-BRITAIN-BOLT-ENTERTAINMENT-FILM ATHLETICS-BRITAIN-BOLT-ENTERTAINMENT-FILM ATHLETICS-BRITAIN-BOLT-ENTERTAINMENT-FILM ATHLETICS-BRITAIN-BOLT-ENTERTAINMENT-FILM

 



Recommended Articles