උපනායකත්වය තරංගට - මාලිංග එක්දින තරගවලට


එංගලන්තයේදී හා වේල්සයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලානයට එක්වෙන ශ්‍රී ලංකා සංචිතය අද (24දා) මාධ්‍ය වෙත නිකුත් කළේය. කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර උපනායකත්වය උපුල් තරංගට ලැබී තිබේ.

ආබාධයෙන් සුවවීමෙන් පසුව මේ වන විට විස්සයි20 තරග ක්‍රීඩා කරන ලසිත් මාලිංගද සංචිතයට කැඳවා තිබේ. කුසල් ජනිත් පේරේරාටද සංචිතයේ  ස්ථානය ලැබී තිබේ.

මුල් ක්‍රීඩකයන් 15 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 7 දෙනෙකුද සූදානම්ව තැබීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

නම් කර ඇති ක්‍රීඩකයන් 22 අතරට දසුන් ශානක මෙන්ම ධනංජය ද සිල්වාටද නම්වී නොමැත.

ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ණුවන් ප්‍රදීප්, ණුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප්‍රසන්න

අතිරේක

ඩිල්රුවන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, විකුම් සංජය, ළහිරු කුමාර, සචිත් පතිරණ, මිලින්ද සිරිවර්ධන, අකිල ධනංජය

 



Recommended Articles