උතුරෙන් දකුණු කොරියාවට ඔලිම්පික් කණ්ඩායමක්


දකුණු කොරියාවේ පැවැත්වීම නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් සහභාගි කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබේ.

ඒ දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

මේ අනුව උතුරු කොරියානු ඔලිම්පික් කමිටු සාමාජිකයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සහායක කණ්ඩාමක්, ජනමාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක් දකුණු කොරියාවට යැවීමට උතුරු කොරියාව තීරණය කර ඇති බව දකුණු කොරියානු අමාත්‍ය චුන් හායේ සුන්ග් මහතා සඳහන් කර තිබේ.

උතුරු හා දකුණු කොරියානු සාකච්ඡා පැවැත්වූයේ වසර දෙකකට පසුවය.  

image-20160916-17039-1i8whkl



Recommended Articles