ඉසිපතන විද්‍යා හා ත්‍රිත්ව අපරාජිකත්වය රැක ගනියි


සිංගර් කුසලාන අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු කොටසේ තෙවැනි සතියේ පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ගල්කිස්ස ශාන්ත තෝමස් , බම්බලපිටිය ශා. පීතර ගල්කිස්ස විද්‍යා , කොළඹ ඉසිපතන , බොරැල්ල වෙස්ලි හා මහනුවර ත්‍රිත්ව යන විදුහල් සමත් වී ඇත. මෙයින් ශා. තෝමස් , විද්‍යා හා ත්‍රිත්ව විදුහල් තරගාවලිය තුළදී සිය අපරාජිතභාවය තවදුරටත් රැකගැනීමට සමත්ව ඇත.

මෙහිදී පසුගිය (09දා) පැවති තරගවලදී  කොළඹ රාජකීය විදුහල ලකුණු 21-15 ක් ලෙසින් පරදා දෙවිදුහල් අතර වාර්ෂික මයිකල් ගුණරත්න කුසලානය තමන් සතු කර ගැනීමට ගල්කිස්ස ශා. තෝමස් විදුහල සමත් වූ අතර මහනුවර ශා. අන්තෝනි විදුහල පරදා ලකුණු 21-11 ක ජයක් හිමි කර ගැනීමට බම්බලපිටිය ශා.පීතර විදුහල සමත් විය.

එමෙන්ම පෙරේදා (10දා) පැවති තරග ද්විත්වයකදී මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරදා ලකුණු 53-05 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් වූ අතර මරදාන ශා.ජෝශප් කණ්ඩායම පරදා ලකුණු 19-10 ක ජයක් බොරැල්ල වෙස්ලි විදුහල විසින් හිමි කර ගනු ලැබීය.

මේ අතර තරගාවලියේ තරග අවසන් කරමින් ඊයේ  (11දා) පැවති තරගයෙන් කොළඹ ඩී.එස්. සේනානායක කණ්ඩායම පරදා ලකුණු 65-00 ක දැවැන්ත ජයක් මහනුවර ත්‍රිත්ව විදුහල විසින් වාර්තා කළ අතර එය මෙවර තරගාවලියේ මේ දක්වා වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය විය.

  ඉසිපතන හා කිංග්ස්වුඩ් අතර තරගයේ අවස්ථාවන්

 

ඡායාරූප- ඉසුරු පෙරේරා

ත්‍රිත්ව හා ඩී.එස් අතර තරගයේ අවස්ථාවන්

 

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

 

 



Recommended Articles