ඉසිපතනය අපරාජිත බව රැකගනී


 

මෙවර තරගවාරයේ හතරවැනි සතියේදිත් සිය අපරාජිත භාවය තවදුරටත් පවත්වා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඒ අද (22) පැවති තරගයෙන් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරදා ලකුණු 36-21 ක ජයක් හිමි කර ගනිමිනි.

 කොළඹ හැව්ලොක්ස් පිටියේදි පැවති මෙම තරගයේ පළමු අර්ධයේදීම පෙරමුණ ගැනීමට සමත් වූ ඉසිපතන විදුහල එම අර්ධය අවසන් වන විටදී ලකුණු 17-05 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් විය.

ජයග්‍රාහී ඉසිපතන විදුහල ගෝල දිනුම්  3 ක් හා උත්සාහක දිනුම් තුනක් ආධාරයෙන් සිය ලකුණු රැස් කළ අතර ගෝල දිනුම් දෙකක් හා එක් උත්සාහක දිනුමක් ශාන්ත පීතර විදුහලේ ලකුණු පුවරුව සදහා ඉවහල් විය.

 

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 



Recommended Articles