ඉෂාන්ගෙනුත් බොක්සිං ලෝකඩ පදක්කමක්


ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් බොක්සිං ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර දීමට ඉෂාන් බණ්ඩාර සමත්විය. ඒ කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙනි.

අවසන් පූර්ව තරගයේදී ඔහු ඉන්දියාවේ ගෞරව් සෝලාංකි හමුවේ පරජයට පත්වීමත් සමග මෙසේ බොක්සිං ලෝකඩ පදක්කම හිමිවිය. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව මේ දක්වා හිමිකර ගත් වැඩිම බොක්සිං පදක්කම් සංඛ්‍යාව මේ  වන විට හිමිකරගෙන තිබේ.

බොක්සිං ක්‍රීඩාවෙන් පමණක් ලෝකඩ පදක්කම් තුනක් ශ්‍රී ලංකාවට හිමිව ඇත. බර ඉසලීමේ ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමකර ගැනීමට ශ්‍රි ලංකාව සමත්විය.

DaooOm0UQAA42uL DaooMs4UMAE7baS DaooNqhVAAEwg4G



Recommended Articles