ඉන්දීය බලපෑමට ICC සභාපති ඉවත් වෙයි


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාෂන්ක් මනොහාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් බව සඳහන් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට පත්ව මාස අටක් වැනි කෙටි කාලයක් තුළදී ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම කැපී පෙනෙන සාධකයකි. 

කෙසේ වෙතත් එහි අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරිම නැවැත්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවශ්‍ය පියවරගෙන ගෙන තිබීම හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.



Recommended Articles