ඉන්දීය නායකත්වය රහානේට


මේ මස මුලදී ආරම්භ වන සිම්බාබ්වේ තරග සංචාරය සඳහා නම් කළ ඉන්දීය සංචිතයේ නායකත්වය අජින්ක්‍යා රහනේට හිමි වී ඇත. ඊට හේතු වී ඇත්තේ ඉන්දීය එක්දින හා පන්දුවාර විස්ස නායක මහේන්ද්‍ර සිං දෝණි ඇතුළු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබීම හේතුවෙනි. තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතය ඊයේ (29දා) නම් කළ අතර ඊට ටෙස්ට් නායක විරාත් කෝලි, සුරේෂ් රයිනා, රවිචන්ද්‍ර අෂ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ශිකර් ධවාන්, රෝහිත් ෂර්මා හා උමේෂ් යාදව් යන ක්‍රීඩකයන්ද ඇතුළත් වී නොමැත.

එක්දින තරග 3 කින් හා පන්දුවාර විස්ස තරග දෙකකින් සමන්විත ඉන්දු-සිම්බාබ්වේ තරගාවලිය එළඹෙන ජූලි 10 වැනිදා ආරම්භ වේ.

තරගාවලිය සඳහා නම් කළ සංචිතය

අජින්ක්‍යා රහනේ (නායක), මුරලි විජේ, අම්බති රයිදු, මනෝජ් තිවාරි, කේදාර් ජාදව්, රොබින් උතප්පා, මනීෂ් පාන්ඩේ, හර්බජාන් සිං, අක්ෂාර් පටෙල්, කර්න් ෂර්මා, ධවාල් කුල්කර්නි, ස්ටුවර්ට් බිනී, බුවනේෂ්වර් කුමාර්, මෝහිත් ෂර්මා, සන්දීප් ෂර්මා

 



Recommended Articles