ශ්‍රී ලංකාවට ලකුණු 413ක ඉලක්කයක්


(Update)

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 413ක ඉලක්කයක් ලබාදෙමින් ඉන්දීය ඉනිම දැන් අත්හිටුවීය. ඉන්දීය කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත්විය.

ඉන්දීය දෙවැනි ඉනිම ඔසවා තැබූ අජින්කේ රහානේ ලකුණු 126 ක් රැස්කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධම්මික ප්‍රසාද් (4/43) හා තරිඳු කෞෂාල් (4/118) පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූහ.


ඉන්දියාව ලකුණු 266ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිව්වැනි දින (23දා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඉන්දීය කණ්ඩායම පන්දුවාර 56ක් අවසානයේ ලකුණු 179/3 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 266ක් ඉදිරියෙන් සිටියි.

නොදැවී කඩුල්ලේ රැදී සිටින අජින්කේ රහානේ ලකුණු 82 ක් හා රෝහිත් ශර්මා ලකුණු 02 ක් රැස්කරගෙන සිටියි.

අද (23දා) දිනය ආරම්භකරන විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 29.2 අවසානයේ ලකුණු 70/1 ක් රැස්කරගෙන සිටියේය. මුරලි විජේ (82) හා නායක විරාට් කෝලි (10) දැවීගිය ඉන්දීය  පිතිකරුවෝ වන අතර, ඔවුන් දෙදෙනාම තරිඳු කෞෂාල්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියහ.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 393ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 306 ක් රැස්කළේය.



Recommended Articles