ඉන්දියාව ලකුණු 49ක් ඉදිරියෙන්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිව්වැනි දිනයට නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම එක් කඩල්ලකට ලකුණු 171/1 (පන්දුවාර 39.1) රැස්කරගෙන සිටියි.

ඒ අනුව ඔවුන් මේ වන විට කඩුලු 9ක් අතැතිව ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි. ශිකර් දවාන් (94) දැවී ගිය ක්‍රිඩකයා විය. ඔහු දසුන් ශානකගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ලෝකේෂ් රාහුල් 73* හා චෙටෙස්වාර් පුජාරා 2* පන්දුවට පහරදෙමින් සිටිති.

ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 172 ක් රැස්කළ අතර එයට පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 294ක් රැස්කළේය.

ඉන්දියාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 122ක් පසුපසින් සිටිමිනි. හෙට (20දා) තරගයේ අවසන් දිනයයි.

269838



Recommended Articles