ඉන්දියාව, දකුණු අප්‍රිකානු පළමු ඉනිම විනාශ කරයි


සංචාරක දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 79 ක් තුළදී දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී ජේ.පී. ඩුමිනි රැස්කළ ලකුණු 35 හැරෙන්නට කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව පසුකිරීමට නොහැකි විය. ඉන්දියාව වෙනුවෙන් නැවතත් පන්දු යැවීමෙන් සාර්ථක වූ රවිචන්ද්‍ර අශ්වින් කඩුලු 5 ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4 ක් බැගින් දවාලීමට සමත් වූහ. මෙය දකුණු අප්‍රිකාව ටෙස්ට් ඉනිමකදී ඉන්දීයාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 215 ක් රැස්කළේය. අද (26දා) තරගයේ දෙවැනි දිනයයි.



Recommended Articles