ඉන්දියාව තවදුරටත් අංක 1 තහවුරු කරගනියි


ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමත් සමග ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ තවදුරටත් තහවුරුකරු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව ඇත. තරගාවලියේ ජයග්‍රහණයත් සමගින් ඔවුන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 15ක වාසියක් ලබාගෙන ඇත.

ඉන්දියාව ප්‍රසාද ලකුණු 125ක් හිමිකරගෙන ඇති අතර දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 110ක් ලබාගෙන තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවෙයි. හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 90කි. පාකිස්තානය 6 වැනි ස්ථානයේ පසුවෙන්නේ ප්‍රසාද ලකුණු 93ක් සමගිනි.

 



Recommended Articles