ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තරගයෙන් ලකුනු 17ක ජයක් ලබමිනි.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 176/3 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 159/6ක් පමණි.
අනිද්දා ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.