-
ශ්‍රී ලංකාවේදී මාර්තු 6දා සිට පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීණ සහ දක්ෂ ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා ඒ වෙනුවෙට නවක ක්‍රීඩකයින් ඇතුළත් කර තිබෙනවා.
-
කෙසේ වුවද මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, ජස්ප්‍රිත් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, හර්දික් පාණ්ඩ්‍යා සහ කුල්දීප් යාදවු මෙම සංචිතයට ඇතුළත් කර නැත.
-
ඒ වෙනුවට නවක ක්‍රීඩකයින් වන වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට් යන නවක ක්‍රීඩකයින් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය සංචිතයට ඇතුළත් වනු ඇත.
ඉන්දීය සංචිතය - රෝහිත් ෂර්මා(නායක), කේ.එල්. රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාණ්ඩේ, දිනේෂ් කාර්තික්, යුෂ්වේන්ද්‍ර චහල්, අක්සාර් පටේල්, ෂර්දුල් ඨාකුර්, ජයදේවු උනාද්කට්, වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට්