ඉන්දියාවෙන් යන්නේ සාර්ථක ක්‍රීඩකයන් ලෙසයි


ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවෙන් යන්නේ සාර්ථක කණ්ඩායමක් ලෙස බවත්, ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද කුමක් වර්ධනය කර ගත යුතුදැයි ක්‍රීඩකයන් දන්නා බවත් ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පවසයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුම්බායිහිදී ඉරිදා (දෙසැම්බර් 24)  පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ගත්තත්, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් හැමකෙනෙක්ම ඉන්දියාවෙන් යන්නේ සාර්ථක ක්‍රීඩකයෙක් ලෙසයි. දැන් ඔවුන් මානසිකවත්,ශාරීරිකවත් කුමක් වර්ධනය කර ගත යුතුදැයි ඔවුන් දන්නවා.

අපිට හදා ගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඉන්දියාවෙන් යන හැම කෙනෙක්ටම දැන් තරගයක් ගැන හොඳ අදහසක් තිබෙනවා

අපි හොඳින් කළා. පළමු තරගයේදී අපි හොඳින් තරග කළේ නෑ. දෙවැනි තරගයේදී හොඳ ඉනිම් දෙකක් (රෝහිත් හා රාහුල්ගේ ඉනිම දෙකක්) නිසා අපිට විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යන්න සිදු වුණා. නමුත් අපිටත් හොඳ ඉනිම් දෙකක් තිබුණා. ඒ වගේම අපි සම්පූර්ණයෙන්ම තෙවැනි තරගයේදී තරග කළා.

කොහොමව වුණත් අපිට ඊළඟට තිබෙන්නේ බංග්ලාදේශ තරගාවලිය. අපිට ඒ තරගාවලියට හොඳින් මුහුණ දෙන්න පුළුවන්.

මෙවැනි තරගාවලියක් ක්‍රීඩා කරන විට ක්‍රීඩකයෙකුට අවස්ථා දෙකක් තිබෙනවා. එකක් බසයෙන් බැස යෑම හෝ හොඳ ක්‍රීඩකයෙක් බවට පත්වීම. මේ තරගාවලියක චරිත බිහිවෙනවා. ඉන් අනතුරුව අපිට කවුද චරිත කියා දැනගන්න පුළුවන්.” යැයිද පවසා සිටියේය.

cricket-sri-ind-odi_190f0706-87ff-11e7-b7bc-fa1568cb40f1

 

 



Recommended Articles