ඉන්දියාවට ලකුණු 130ක ජයක්


දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22දා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ 13 වැනි තරගයෙන් ලකුණු 130 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දීය කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට තරගය බැගින් ජය හා පරාජය වී ඇත.

ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 308 ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 40.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 177 ක් පමණි. ඩු ප්ලෙසි  (55) මෙම ඉනිමේ ඉහළම ලකුණු රැස්කළේය. ආර්. අශ්වින් (3/41) කඩුලු තුනක් බිඳ හෙළුමින් ඉන්දීය පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීය.  

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 307/7 ක් රැස්කිරීමට සමත්විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ශිකර් දවාන් ලකුණු 137 ක් රැස්කළ අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් අජින්ක්‍යා රහානේ ලකුණු 79 ක් රැස්කිරීමට සමත්විය.  තරගයේ වීරයා ලෙස දවාන් සම්මාන හිමිකරගත්තේය.

ඉන්දියාව 307/7 (පන්දුවාර 50)

ශිකර් දවාන් 137 (පන්දු 146, 4x16, 6x2)

අජින්ක්‍යා රහානේ 79 (පන්දු 60, 4x7, 6x3)

විරාට් කෝලි 46 (පන්දු 60, 4x3)

මෝනේ මෝකල් 2/59 (පන්දුවාර 10)

ඉම්රාන් තහීර් 1/48 (පන්දුවාර 10)

 

දකුණු අප්‍රිකාව 177/10 (පන්දුවාර 40.2)

ෆෆ් ඩු ප්ලෙසිස් 55 (පන්දු 71, 4x5)

ඒ.බී. ඩිවිලියස් 30 (පන්දු 38, 4x3)

ඩේවිඩ් මිලර් 22 (පන්දු 23, 4x2)

හෂීම් අම්ලා 22 (පන්දු 28, 4x2)

ආර්. අශ්වින් 3/41 (පන්දුවාර 10)

මෝහිත් ශර්මා 2/31 (පන්දුවාර 7)

මොහොමඩ් ශාමි 2/30 (පන්දුවාර 8)

 



Recommended Articles