ඉන්දියාවට යන්න කටුනායකට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් 9ක් ආපසු කැඳවයි


ඉන්දියාව හා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් 9ක් ආපසු කැඳවීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇති බව වාර්තාවෙයි.

එක්දින සංචිතය සඳහා අමාත්‍යවරයාගේ අවසරය ලබාගත යුතු වුවත් එසේ අවසරය ලබාගැනීමකින් තොරව මෙම ක්‍රීඩකයන් ඉන්දියාවට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු තිබූ හෙයින් ඔවුන්ව ආපසු කැඳවීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව වාර්තාවෙයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබේ. එක්දින නායක තිසර පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, උපුල තරංග, අසේල ගුණරත්න, සචිත් පතිරණ, දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයන් 9 දෙනෙක් මෙසේ නිවෙස් කරා ගොස් ඇති බව වාර්තාවෙයි.

sril copy copy



Recommended Articles