ඉන්දියාවට දකුණු අප්‍රිකාවේදී වාර්තා ගත ජයක්


ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී පරාජය කර එක්දින තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පස්වැනි තරගයෙන්ද ලකුණු 73ක ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමගිනි.

පෝට් එළිසබෙත් පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 274/7ක් වාර්තා කිරීමට සමත්විය. විශිෂ් ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ලකුණු 115ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 201ක් පමණි.

එම තරගයේ ජයත් සමගින් තරග හයකින් සමන්විත එක්දින තරගාවලිය 4-1ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

27972836_1761965667158452_1367198664104994529_n

 



Recommended Articles