ඉන්දියාවට අංක එක අහිමිවෙයි


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිය විසින් වාර්ශිකව එළි දක්වනු ලබන එක්දින හා විස්සියි20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව වත්මන් විස්සිය20 ලෝක ශූරයන් වන කොදෙව් කණ්ඩායම අංක තුන දක්වා පහතට බැස තිබේ. ලෝක කුසලාන තරගාවලියේ පසුව කොදෙව් කණ්ඩායම සිටියේ අංක දෙක් ස්ථානයේ වන අතර අංක එකේ විස්සයි20 කණ්ඩායම වූයේ ඉන්දියාවයි. 

කෙසේ වෙතත් ඉන්දියාව හා කොදෙව් කණ්ඩායම් අබිබවමින් නවසීලන්ත කණ්ඩායම ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

මේ අතර වාර්ශික එක්දින ශේණිගත කිරීම්හි වත්මන් ලෝක ශූරයන් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක එකේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

එක්දින ශ්‍රේණිගත කිරීම        විස්සයි20 ශ්‍රේණිගත කිරීම                  

 

 



Recommended Articles