ඇන්ජි නැවතත් අංක එකට


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මේ වසරේ එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ  පිතිකරුවා බවට ඊයේ (13දා) නැවත වරක් පත්විය.

ඊයේ රැස් කළ ලකුණු 75 සමගින් මේ වසරේදී මැතිව්ස් රැස්කළ ලකුණු ප්‍රමාණය 923ක් බවට පත්වය. ඒ අනුව කෝලි දෙවැනි ස්ථානයට පත්කරමින් ඇන්ජි නැවතත් අංක එකට පත්විය.

මුල් ස්ථානයේ පසුවන පිතිකරුවන් 10 දෙනාගෙන් 4 දෙනෙකුම ශ්‍රී ලංකා පිතිකරුවන් වන අතර තිදෙනෙකු ඉන්දියාවත් ඉතිරි තිදෙනා දකුණු අප්‍රිකාවත් නියෝජනය කරනු ලබති.

මුල් පිතිකරුවන් 10 දෙනා

  1. ඇන්ජලෝ මැතිව්ස් 923

  2. විරාත් කෝලි 915

  3. ශිකර් දවාන් 815

  4. කුමාර් සංගක්කාර 802

  5. අජින්ක්‍යා රහානේ 766

  6. හෂීම් අම්ලා 736

  7. ෆෆ් ඩු ප්ලෙසිස් 693

  8. ඒ.බී. ඩිවිලියර්ස් 608

  9. මහේල ජයවර්ධන 603

  10. තිලකරන්ත ඩිල්ෂාන් 598



Recommended Articles